සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025 / 2026 වර්ෂයේ 54 වෙනි වාර්ෂික මහසභා රැස්වීම 2026 ඔක්තෝබර් මස 30 වෙනි සිකුරාදා දින සංගමයේ ගෞරවණීය සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.

2026/2027 වර්ෂයේ සංගමයේ නව විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරී පත්වූ, ගරු සභාපති ජේ.පී.කේ. රජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හදපාන්ගොඩ මහතා, ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත බණ්ඩාර වෛද්‍යසේකර මහතා, ගරු උප සභාපතිවරුන් වන වජිර කීර්තිකුමාර මහතා සහ ජේ.ජී. තිලකසිරි මහතා යන මහත්වරුන් ද, උප ලේකම් මංජුල මහකුඹුර මහතා, උප භාණ්ඩාගාරික නීල් ගුණරත්න මහතා, උප සංවිධායක නිහාල් නානායක්කාර මහතා, විධායක අධ්‍යක්ෂ මහත්වරුන් වන ඩී.එම්. කීර්තිසිංහ මහතා, එම්.ඩී. නිමල්සිරි මහතා, උපාලි කරුණාරත්න මහතා, බුද්ධි රාමවික්‍රම මහතා, මහින්ද මුණසිංහ මහතා, නිව්ටන් පීරිස් මහතා, මහින්ද බස්ණායක මහතා, එම්.ඩී. චන්ද්‍රසේන මහතා, ජගත් සමරසිංහ මහතා, මංජුල චමික වීරරත්න මහතා, ලාලිත රත්නායක මහතා, ඩී.එම්.යූ.ජී. පුංචිබණ්ඩා මහතා, නිමල් හෝප් මහතා, අජිත් සමන්‍ත මහතා, තක්ෂිල ධනංජය නානායක්කාර මහතා, කේසර ඒ. ගුණරත්න යන මහත්වරුන් මහාසාමාජිකත්වයට හදුන්වා දෙන ලදී.

එහිදී නව සාමජික මහත්වරුන් සිව්දෙනෙකු සදහා සංගමයේ නිළ ලාංජන පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී. එමෙන්ම මෙදින මහසභා රැස්වීමේ ප්‍රධාන අනුහ්‍රාහකභවතා Toyota Lanka – Kandy ආයතනය විසින් කටයුතු සිදුකරන ලදී.

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *