අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර අගෝස්තු මස 27 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී රුධිර පරිත්යාගශීලීන් 260 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය. එම රුධිර දායකයින් වෙනුවෙන් වියළි ආහාර ද්රව්ය පාර්සල් 150ක් පරිත්යාග කරන ලදී.
එමෙන්ම සංගමය විසින් මහනුවර මහ රෝහල සදහා ලේ දන්දීමේ කඳවුරු සදහා භාවිතා කරනු ලබන ඇඳන් 11 පරිත්යාග කරන ලදී.
මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා, ගරු භාණ්ඩාගාරිකතුමා, ගරු සංවිධායකතුමා, ඇතුළු අධ්යක්ෂක මහත්වරුන්, ජ්යේෂ්ඨ සහ තරුණ අනුකමිටු සාමාජික මහත්වරුන්, එස්. ඩබ්ලිව්.පී. වනිතා එකමුතුවේ සාමාජික මහත්මීන් සහ සංගමයේ සාමාජික මහත්වරුන්, වෙළඳ පෙරමුණ කාර්යාලය මණ්ඩලයද, මහනුවර මහරෝහලේ නියෝජ්ය සෞඛ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය නිහාල් වීරසූරිය මහතා ඇතුළු වෛද්ය සහ හෙද කාර්ය මණ්ඩලයක්ද සහභාගී විය.



