01.

උතුම් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මෙවර වෙසක් පුන් පොහෝ දින (30) මහනුවර සත්‍ය ධර්මදාන සමිතිය මගින් සංවිධානය කරන ලද කැරොල් වීදි ප්‍රසංගය අප සංගම් මූලස්ථානය ඉදිරිපිට රථය නවතා මහජනතාව වෙනුවෙන් බැතිගී ගායනා කරන ලදී.

ඉන් පසුව, බැතිගී ගායනා කරන ලද දූ දරුවන් වෙනුවෙන් එම සංගමයේ ගරු සභාපති සහ අප සංගමයේ විධායක අධ්‍යක්ෂ ලාලිත රත්නායක මහතාගේ ඉල්ලීම මත රාත්‍රී භෝජන සංග්‍රහය අප සංගමයට අනුබද්ධිත එස්.ඩබ්ලිව්.පී. එකොලොජ් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් සමිති මූලස්ථානය වන සම්පත් මැදුරේදී පවත්වන ලදී. ඒ වෙනුවෙන් එහි ගරු සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සංගමයේ විශේෂ ස්තූතිය පුද කරන්නෙමු.

මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපති ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හදපාන්ගොඩ මහතා, ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් සහ සංගමයේ විශාල සාමාජික මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

02.

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් (2026/05/27) අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ තරුණ ව්‍යවසායක කමිටුව විසින් මහනුවර පිළිකා නිවාසයේ නේවාසික රෝගීන් වෙනුවෙන් සංවිධානය කරන ලද උදෑසන දානමය පින්කම සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.

මෙම පින්කම සඳහා කමිටු සාමාජිකයන් ශ්‍රමයෙන්, ආහාර හා ද්‍රව්‍යමය ආධාරවලින් මෙන්ම මූල්‍යමය වශයෙන්ද දායක වූහ. මෙම අවස්ථාවට තරුණ ව්‍යවසායක කමිටුවේ ගරු සභාපති ජේ. ජී. තිලකසිරි මහතා ඇතුළු සාමාජිකයන් රැසක් සහභාගී වූහ.

03.

අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණට අනුබද්ධිත ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව විසින් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මහනුවර නාථ දේවාලයේ ශීල වැඩසටහන සදහා සහභාගි වන උපාසිකාවන් සදහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන කිරිබත් දානය මෙවරත් 2026/05/31 වෙනි දින උදෑසන ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුවේ ගරු සභාපතිතුමා ඇතුළු කමිටු සාමාජික මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්විණි.

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *