“සුහද හමුව” -2026/02/07

2026 පෙබරවාරි මස 07 වෙනි දින අප සංගමයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව සහ තරුණ ව්‍යවසායක කමිටුව එක්වී විධායක අධ්‍යක්ෂවරුන් සහ කමිටු සාමාජික මහත්වරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී “සුහද හමුවක්” ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

සංගමයේ වාර්ෂික පිරිත් සහ දානමය පිංකම-2026

සංගමයේ වාර්ෂික පිරිත් පිංකම සහ දානමය පිංකම ජනවාරි මස 17 සහ 18 යන දෙදින අප සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්විය. දාහත්වන දින මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ජ්‍යේෂ්ඨ නායක ස්වාමීන් වහන්සේලා දස නමක් විෂයෙහි පවත්වන්නට යෙදුන පිරිත් පිංකම සහ දහ අටවන දින ස්වාමීන් Read more…

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/01/24 වෙනි සෙනසුරාදා දින අපගේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාකච්ඡා කාමරයේ දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන නිළධාරී Read more…

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශ ලේකම් ගරු ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහතා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පසුගියදා “දිට්වා” සුළි කුණාටුව හමුවේ ආර්ථික ව්‍යසනයට ලක්වූ ව්‍යවසායක ප්‍රජාවට සහන ලබාදීම සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවලියට අදාලව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඊයේ දින (දෙසැම්බර් මස 12) ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශ ලේකම් ගරු ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මැතිතුමා සමඟ Read more…

ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබාගැනීම.

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපතිතුමන්, ප්‍රධාන නිළධාරී මණ්ඩලය ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය නොවැම්බර් මස 26 වෙනිදා උතුම් ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ගරු දියවඩන නිළමේතුමන් බැහැදකින ලදී.

2025/2026 වර්ෂයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය මහනුවර ප්‍රධාන ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීම සහ ආශිර්වාද ලබා ගැනීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපතිතුමා ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හඳපාන්ගොඩ මහතා, ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත වෛද්‍යසේකර මහතා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් මස 23 වෙනි දින මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමත්, මහනුවර පදවිය රදගුරු Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය වැඩකටයුතු ආරම්භ කිරීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපති ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හඳපාන්ගොඩ මහතා සහ ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත බණ්ඩාර වෛද්‍යසේකර මහතා යන ප්‍රධාන නිළධාරී මණ්ඩලය ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය 2025 නොවැම්බර් මස 20 වෙනි දින ගරුතර මහාසංඝ රත්නයේ ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනය Read more…

සීමාසහිත මහනුවර සි‍ංහල වෙළඳ පෙරමුණේ 53 වෙනි වාර්ෂික මහාසභා රැස්වීම.

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2024 / 2025 වර්ෂයේ 53 වෙනි වාර්ෂික මහසභා රැස්වීම 2025 නොවැම්බර් මස 14 වෙනි සිකුරාදා දින සංගමයේ ගෞරවණීය සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. 2025/2026 වර්ෂයේ සංගමයේ නව විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරී පත්වූ, ගරු සභාපති ජේ.පී.කේ. රජපතිරණ මහතා, Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ අභිමානනීය 52 වෙනි සංවත්සර උත්සවය

අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 52 වෙනි අභිමානවත් සංවත්සර උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි මස 08 වෙනි දින මහනුවර ද ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, සම්පත් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂිකා Read more…

විසල් මහනුවර නගර සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සංවිධානයෙන් මහනුවර නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් විසල් මහනුවර නගර සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අගෝස්තු මස 25 වෙනි දින සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. මේ සදහා මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක මහත්වරුන්ද, සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක Read more…