සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2025/2026 වර්ෂයේ නව ගරු සභාපතිතුමා ජේ.පී.කේ. රාජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හඳපාන්ගොඩ මහතා, ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත වෛද්‍යසේකර මහතා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් මස 23 වෙනි දින මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමත්, මහනුවර පදවිය රදගුරු හිමිපාණන් හමුවී ආශිර්වාදය ලබාගැනීමත්, මීරාමක්කම් පල්ලියේ පාලක මණ්ඩලය හමුවීමත්, පුල්ලෙයාර් කෝවිලේ භාරකාර මණ්ඩලයේ ප්‍රධානීතුමා හමුවීම සහ එහිදී පවත්වන ලද විශේෂ දේව පූජාවට සහභාගී වීමත්, සිදු කරන ලදී.

















0 Comments