2026/01/24 වෙනි සෙනසුරාදා දින අපගේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාකච්ඡා කාමරයේ දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන නිළධාරී මහත්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. මේ සදහා මහනුවර ගරු නගරාධිපතිතුමන්ද සහභාගී විය.

එහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික් වල පවතින ගැටලු සහ ඒ සදහා සාධාරණ විසදුම් යෝජනා වෙන් වෙන් වශයෙන් පැහැදිලිව ගරු අමාත්‍යතුමා වෙත අප විසින් ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අප මහනුවර නගරයේ වරිපනම් ගාස්තු වැඩි කිරීම සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලද අතර, මේ සදහා සාධාරණ විසදුමක් ලබා දෙන බවට අප වෙත පොරොන්දු වුණි.

මෙම වරිපනම් ගාස්තු අයකර ගැනීම සම්බන්ධව ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මහනුවර මහ නගර සභාවෙන් කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටුව ජනවාරි මස 26 දින රැස්වීමට නියමිත බවත්, ඉන් අනතුරුව 2026 ජනවාරි මස 31 වෙනි දිනට පෙර වාර්ෂික සම්පූර්ණ වරිපනම් මුදල එකවර ගෙවීමේදී ලබා දෙන 10% වට්ටම 2026 පෙබරවාරි මස 28 දින දක්වා ගෙවීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව තීරණයක් ගෙන අපව දැනුවත් කරන බව සදහන් කරන ලදී. මේ පිළිබඳව අප දැනුවත් වූ වහාම මහා සාමාජිකත්වය දැනුවත් කිරීමට අප කටයුතු කරන්නෙමු.

මීට අමතරව මහනුවර නගර සංවර්ධනය පිළිබඳව සාර්ථක සාකච්ඡාවක් පවත්වන ලදී.

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *