අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පසුගියදා “දිට්වා” සුළි කුණාටුව හමුවේ ආර්ථික ව්‍යසනයට ලක්වූ ව්‍යවසායක ප්‍රජාවට සහන ලබාදීම සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවලියට අදාලව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඊයේ දින (දෙසැම්බර් මස 12) ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශ ලේකම් ගරු ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මැතිතුමා සමඟ සාකච්ඡාවක් සිදු කිරීමට අවස්ථාවක් හිමිවූ බවත්, එය ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් වූ බවත් සතුටින් දන්වා සිටිනෙමු.

එතුමා අප ඉදිරිපත් කල ඉල්ලීම් සලකා බලා ව්‍යවසායක ප්‍රජාවට හැකි උපරිම සහයෝගය ලබාදෙන බවට පොරොන්දු වූ අතර, අපගේ ඉල්ලීම් ඉටුවනු ඇතැයි අප අපේක්ෂා සහගතව සුභවාදීව සිතන්නෙමු.

මෙම අවස්ථාවට අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය නියෝජනය කරමින් ගරු සභාපති යසස් චන්ද්‍රසේකර මහතා, ගරු ලේකම් අල් රෂීඩ් මහතා, ගරු ජ්‍යේෂ්ඨ උප සභාපති නිලන්ත අමරසිංහ මහතා, ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ජගත් හේවගේ මහතා, විධායක අධ්‍යක්ෂ එම්. සලීම්දීන් මහතා යන මහත්වරුන් ද, ගම්පොළ සහ ගෙලිඔය ව්‍යාපාරික මහත්වරුන්ද, සම්බන්ධ විය.

(අප ඉදිරිපත් කල යෝජනාවලිය මේ සමඟ අමුණා ඇත.)

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *