අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර අගෝස්තු මස 08 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී රුධිර පරිත්‍යාගශීලීන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය. එම රුධිර දායකයින් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 150ක් පරිත්‍යාග කරන ලදී.
එමෙන්ම සංගමය විසින් මහනුවර මහ රෝහලේ ලේ දන්දීමේ උපකරණ ඇසුරුම් බෑග් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපතිතුමා, ගරු භාණ්ඩාගාරිකතුමා, ගරු සංවිධායකතුමා, ඇතුළු අධ්‍යක්ෂක මහත්වරුන්, සහ මහනුවර මහරෝහලේ ගරු අධ්‍යක්ෂකතුමිය වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු වෛද්‍ය සහ හෙද කාර්‍ය මණ්ඩලයක්ද සහභාගී විය.

















0 Comments