පින්බර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මෙවර සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද බුදුන් වහන්සේගේ ලංකාගමනය නිරූපිත මහා තොරණ වෙසක් පුන්පොහෝදා සිට සිව් දිනක් සමිති මූලස්ථාන සම්පත් මැදුර අභියසදී ප්‍රදර්ශනය කෙරුණි.
මෙම අලංකාර මහා තොරණ විවෘත කිරීම සදහා පළමු දිනයේ (12) ගරු දියවඩන නිළමේතුමන්,මහනුවර නාගරික කොමසාරිස්තුමිය සහ මහනුවර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිතුමන්ද, දෙවන දිනයේ (13) මහනුවර අතිරේක දිසාපතිතුමන්ද, තෙවන දිනයේ (14) මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන්ද, සිව්වන දිනයේ (15) මහනුවර මහා දිසාපතිතුමන් සහ ගගවට කෝරලයේ ප්‍රාදේශීය ලේකම්තුමන්ද, සහභාගීවූ අතර, සංගමයේ ගරු සභාපතිතුමන්, ගරු භාණ්ඩාගාරිකතුමන්, ගරු සංවිධායකතුමන් ඇතුළු විධායක අධ්යක්ෂ මහත්වරුන් සහ සාමාජික මහත්වරුන් ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
මෙය නැරඹීම සදහා අතිවිශාල පිරිසක් පැමිණි බව ඉතාමත් සතුටින් දන්වා සිටින්නෙමු. එමෙන්ම මෙය සාර්ථකව සිදුකිරීමට සංගමයේ සාමාජිකත්වය ලබා දුන් වටිනා සහයෝගය වෙනුවෙන් සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්යක්ෂ මණ්ඩලයේ ගෞරවණීය ස්තූතිය පුද කරන්නෙමු.









0 Comments