සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සංවිධානයෙන් නවලෝක පුද්ගලික රෝහලේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් මස 17 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් සහ පවුලේ සැමදෙනා වෙනුවෙන් නොමිලේ පවත්වනු ලැබූ සුවිශේෂී පූර්ණ හෘද රෝග පරීක්ෂාව සහිත විශේෂ වෛද්‍ය සායනය 200කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්විය.
මේ සදහා නවලෝක පුද්ගලික රෝහලේ අධිපති ආචාර්ය ජයන්ත ධර්මදාස මැතිතුමාද සහභාගී විය.