අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර පසුගියදා (19) සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී රුධිර පරිත්‍යාගශීලීන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය. එම රුධිර දායකයින් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 120ක් සහ සහල් මලු 150ක් පරිත්‍යාග කරන ලදී.
එමෙන්ම සංගමය විසින් මහනුවර මහ රෝහලේ ලේ බැංකුව සදහා අවැසි නෙස්කැෆේ යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා, ගරු සංවිධායකතුමා, ඇතුළු අධ්‍යක්ෂක මහත්වරුන්, සහ මහනුවර මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රෝහල් ලේ බැංකුවේ වෛද්‍ය ප්‍රසාද් වැලිවිට මහතා ඇතුළු වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක්ද සහභාගී විය.