සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ දෙවන මහසභා රැස්වීම පසුගියදා (28) පස්වරු 6.00ට සමිති මූලස්ථානයේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.
එහිදී නව සාමාජිකයින් දෙදෙනෙකුට සංගමයේ නිළ ලාංඡනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී.
මෙදින වැඩසටහනේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රාහකභවතා වූ Sierra Global Network Limited ආයතනයේ ප්‍රධාන නිළධාරීන් කිහිප දෙනෙකු විසින් මහසභා රැස්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ආයතනයේ සේවාවන් පිළිබඳව අප සාමාජිකයින් දැනුවත් කරන ලදී.
සිංහල වෙළඳ පෙරමුණේ නව සාමාජිකත්වය ලත් මහත්වරුන්,
01- එල්.ටී. ඩිසයිනර්ස් ආයතනයේ අධිපති ටී.ඒ.ඩී. සචින් විමුක්ති තලකොටුන මහතා
02- වින් ස්පෝර්ට්ස්. කොම් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ අධිපති ආර්.එම්. සරත් කුමාර මුණසිංහ මහතා