මධ්‍යම පළාත තුළ පවතින වාණිජ මණ්ඩල එක ආයතනයක් තුළට ගෙන ඒ මගින් මධ්‍යම පළාත තුළ පැන නැගී ඇති පොදු ගැටලු (සමාජීය, ආර්ථික) ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරමින් අවශ්‍ය අවස්ථාවන්හිදී නැගී සිටිමින් සුවිසල් මෙහෙවරක් ඉටු කිරීමේ අරමුණින් අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය නමින් වාණිජ මණ්ඩලයක් ආරම්භ කරන ලදී.
මධ්‍යම පළාත තුළ පවතින ප්‍රධාන වාණිජ මණ්ඩල සහ සංගම් වන
මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය, මහනුවර දමිළ වෙළඳ සංගමය, මාතලේ දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලය, නුවරඑළිය දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත මණ්ඩලය යන ආයතන සදහා එහි සාමාජිකත්වය ලබා ගැනීමට අප විසින් ආරාධනා කරනු ලැබූ අතර, අපගේ ආරාධනය ඉතාමත් අගයකොට පිළිගනිමින් එම සියලුම සංවිධානයන්හි ගරු සභාපතිවරුන්, ගරු ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන අධ්‍යක්ෂකවරුන් විසිහතර දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024/03/06 වෙනි දින සම්පත් ශාලාවේදී අප විසින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩල ප්‍රථම රැස්වීම ඉතාමත් සාර්ථක පැවැත්විය.
0 Comments