සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම පසුගියදා (02) පස්වරු 6.00ට සමිති මූලස්ථානයේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.

එහිදී නව සාමාජිකයින් පස්දෙනෙකුට සංගමයේ නිළ ලාංඡනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී.

එමෙන්ම 2024 වර්ෂයට තේරී පත්වූ තරුණ සහ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායක කමිටු සාමාජිකයින් මහා සාමාජිකත්වයට හදුන්වා දෙන ලදී.

විශේෂයෙන් මෙදින මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ නව නිළ වෙබ් අඩවිය (swp.lk) එළිදැක්වූ අතර, සංගමයේ සාමාජිකයින් වෙනුවෙන් ඩිජිටල් හැදුනුම්පතක්ද හදුන්වා දෙන ලදී.

Categories: News & Events