“සුහද හමුව” -2026/02/07

2026 පෙබරවාරි මස 07 වෙනි දින අප සංගමයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව සහ තරුණ ව්‍යවසායක කමිටුව එක්වී විධායක අධ්‍යක්ෂවරුන් සහ කමිටු සාමාජික මහත්වරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී “සුහද හමුවක්” ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

සංගමයේ වාර්ෂික පිරිත් සහ දානමය පිංකම-2026

සංගමයේ වාර්ෂික පිරිත් පිංකම සහ දානමය පිංකම ජනවාරි මස 17 සහ 18 යන දෙදින අප සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්විය. දාහත්වන දින මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ජ්‍යේෂ්ඨ නායක ස්වාමීන් වහන්සේලා දස නමක් විෂයෙහි පවත්වන්නට යෙදුන පිරිත් පිංකම සහ දහ අටවන දින ස්වාමීන් Read more…

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/01/24 වෙනි සෙනසුරාදා දින අපගේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාකච්ඡා කාමරයේ දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන නිළධාරී Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2024 / 2025 වර්ෂයේ 53 වෙනි වාර්ෂික මහසභා රැස්වීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2024 / 2025 වර්ෂයේ 53 වෙනි වාර්ෂික මහසභා රැස්වීම 2025 නොවැම්බර් මස 14 වෙනි සිකුරාදා දින සංගමයේ ගෞරවණීය සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. 2025/2026 වර්ෂයේ සංගමයේ නව විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරී පත්වූ, ගරු සභාපති ජේ.පී.කේ. රජපතිරණ මහතා, Read more…

විසල් මහනුවර නගර සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සංවිධානයෙන් මහනුවර නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් විසල් මහනුවර නගර සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අගෝස්තු මස 25 වෙනි දින සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. මේ සදහා මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක මහත්වරුන්ද, සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ වාර්ෂික ලේ දන්දීමේ කදවුර – 2025

අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කදවුර අගෝස්තු මස 08 වෙනි දින සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී රුධිර පරිත්‍යාගශීලීන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක පැවැත්විය. එම රුධිර දායකයින් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 150ක් පරිත්‍යාග කරන ලදී. එමෙන්ම සංගමය විසින් මහනුවර මහ රෝහලේ Read more…

චෙක්පත් සහ අන්තර්ජාල බැංකුකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පසුගියදා (19) වෙනි දින සම්පත් මැදුරේ දී සංවිධානය කරන ලද චෙක්පත් සහ අන්තර්ජාල බැංකුකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්විය. මේ සදහා ප්‍රවීණතම නීතිඥවරුන් සහ බැංකු නිළධාරීන් මඩුල්ලක් සහභාගී වූ අතර, මෙම වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකභවතා ලෙස නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් Read more…