Vibrant Buildcon 2025 ඉන්දියානු ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පසුගියදා (19) Rising Venture Services ආයතනයේ ජාත්‍යන්තර අළෙවිකරණ සහකාර ජූජා ගෝස්වාමි මහත්මියගේ ප්‍රධානත්වයෙන් Vibrant Buildcon 2025 වෙළඳ ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. මේ සදහා මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම වෙළඳ ප්‍රදර්ශන ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ ව්‍යාපාරික මහත්වරුන් සහභාගී විය.

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ වාර්ෂික බක්මහ උළෙල

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායක කමිටුව විසින් සංවිධානය කරන ලද බක්මහ උළෙල, 2024 අප්‍රේල් මස 20 වෙනි ශනි දින පෙ.ව. 8.00 සිට මහනුවර සහස් උයන පරිශ්‍රයේදී සංගමයේ ගරු සභාපතිතුමා සහ සමස්ථ මහාසාමාජිකත්වයේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.

තරුණය ව්‍යවසායක කමිටුව මගින් සංවිධානය කරනු ලැබූ 2024 Outbound Training Program

තරුණය ව්‍යවසායක කමිටුව මගින් සංවිධානය කරනු ලැබූ 2024 Outbound Training program එක කිතුල්ගල adventure base camp හේදී මාර්තු 23, 24 දෙදින තුළ ඉතා සාර්ථකව පවත්වනු ලැබීය මේ සඳහා සාමාජිකයන් 25 දෙනෙක් සහභාගී වනු ලැබීය

සයිබර් අවකාශය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සංවිධානයෙන් තොරතුරු තාක්ෂණ නීතිය පිළිබඳ ආචාර්ය, ජ්‍යේෂ්ඨ නීතිඥ සුනිල් අබේරත්න මහතා සහ නීතිඥ ප්‍රදීපා ගනේආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සයිබර් අවකාශය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පසුගියදා (21) සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. මේ සදහා අප සංගමයේ ගරු සභාපතිතුමන්, ගරු ලේකම්තුමන් ඇතුළු අධ්‍යක්ෂ මහත්වරුන් ද, Read more…

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකතුමන් සමග පැවැති විශේෂ සාකච්ඡාව.

මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකතුමන් වන මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා සමග මාර්තු මස 14 වෙනි දින මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ විශේෂ ව්‍යාපාරික සාකච්ඡාව සදහා සංගමයේ ගරු ලේකම් නදීජ වීරරත්න මහතා සහ ගරු අධ්‍යක්ෂ ලාලිත රත්නායක මහතා සහභාගී විය.

නව ආයෝජන අවස්ථා , මුල්‍ය වෙළඳපළ හා නව බදු ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

Hatton National බැංකුව සමග තරුණ ව්‍යසායක කමිටුවසංවිධානය කරනු ලැබූ නව ආයෝජන අවස්ථා , මුල්‍ය වෙළඳපළ හා නව බදු ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන මාර්තු 14 දින Okey Ray Hotel හිදී සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපතිතුමා හාලේකම්තුමා ඇතුළු සාමාජික මහතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක පවත්වනු ලැබීය.

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩල ප්‍රථම රැස්වීම

මධ්‍යම පළාත තුළ පවතින වාණිජ මණ්ඩල එක ආයතනයක් තුළට ගෙන ඒ මගින් මධ්‍යම පළාත තුළ පැන නැගී ඇති පොදු ගැටලු (සමාජීය, ආර්ථික) ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරමින් අවශ්‍ය අවස්ථාවන්හිදී නැගී සිටිමින් සුවිසල් මෙහෙවරක් ඉටු කිරීමේ අරමුණින් අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ විසින් මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය නමින් වාණිජ මණ්ඩලයක් ආරම්භ Read more…

2024 වර්ෂයේ තරුණ ව්‍යවසායක කමිටුවේ ප්‍රථම රැස්වීම

2024 වර්ෂයේ තරුණ ව්‍යවසායක කමිටුවේ ප්‍රථම රැස්වීම පසුගියදා (09) සංගමයේ ගරු සභාපතිතුමා සහ තරුණ ව්‍යවසායක කමිටුවේ නිර්මාතෘ එම්.ඩී. නිමල්සිරි මහතාගේ සහභාගීත්වයෙන් වෙළඳ පෙරමුණේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා කාමරයේදී පැවැත්වුණි. එදින විශේෂ ආරාධිත ව්‍යාපාරික මහතා ලෙස අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සහභාගී වූ අතර, එතුමා විසින් තරුණ ව්‍යවසායක මහත්වරුන් වෙනුවෙන් Read more…

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2023/2024 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම පසුගියදා (02) පස්වරු 6.00ට සමිති මූලස්ථානයේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. එහිදී නව සාමාජිකයින් පස්දෙනෙකුට සංගමයේ නිළ ලාංඡනය පළදවමින් සහ ව්‍යවස්ථාවලිය පිරිනැමීමෙන් වෙළඳ පෙරමුණේ සාමාජිකත්වය ප්‍රධානය කරන ලදී. එමෙන්ම 2024 වර්ෂයට තේරී පත්වූ තරුණ සහ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායක කමිටු සාමාජිකයින් මහා සාමාජිකත්වයට Read more…

වාර්ෂික සෙත් පිරිත් සජ්ඣායනාව සහ සාංඝික දානමය පිංකම

ජ්‍යෙෂ්ඨ අනු කමිටුවේ සංවිධානයෙන් සීමා සහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණු 2024යි ජනවාරි මස 13 වැනි සෙනසුරාදා සියම්මහ නිකායික මල්වතු මහා විහාර වංශයේ ජේෂ්ඨ මහ සංඝරත්නය දස නමක් විසින් පස්වරු 7 සිට 9 දක්වා සෙත් පිරිත් සජ්ඣායනාවක් පවත්වනු ඇත. පසුදින එනම් ජනවාරි මස 14 වෙනි ඉරු දින දහවල් අස්ගිරි මල්වතු විහාරස්ථාන Read more…