සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 2024 / 2025 වර්ෂයේ 53 වෙනි වාර්ෂික මහසභා රැස්වීම 2025 නොවැම්බර් මස 14 වෙනි සිකුරාදා දින සංගමයේ ගෞරවණීය සාමාජික මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සමිති මූලස්ථාන සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.
2025/2026 වර්ෂයේ සංගමයේ නව විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරී පත්වූ, ගරු සභාපති ජේ.පී.කේ. රජපතිරණ මහතා, ගරු ලේකම් ලාල් හදපාන්ගොඩ මහතා, ගරු භාණ්ඩාගාරික අශෝක මුණවීර මහතා, ගරු සංවිධායක ශාන්ත බණ්ඩාර වෛද්‍යසේකර මහතා, ගරු උප සභාපතිවරුන් වන වජිර කීර්තිකුමාර මහතා සහ ජේ.ජී. තිලකසිරි මහතා යන මහත්වරුන් ද, උප ලේකම් මංජුල මහකුඹුර මහතා, උප භාණ්ඩාගාරික නීල් ගුණරත්න මහතා, උප සංවිධායක නිහාල් නානායක්කාර මහතා, විධායක අධ්යක්ෂ මහත්වරුන් වන ඩී.එම්. කීර්තිසිංහ මහතා, එම්.ඩී. නිමල්සිරි මහතා, උපාලි කරුණාරත්න මහතා, බුද්ධි රාමවික්‍රම මහතා, මහින්ද මුණසිංහ මහතා, නිව්ටන් පීරිස් මහතා, මහින්ද බස්ණායක මහතා, එම්.ඩී. චන්ද්‍රසේන මහතා, යසස් චන්ද්‍රසේකර මහතා, ජගත් සමරසිංහ මහතා, නදීජ වීරරත්න මහතා, ලාලිත රත්නායක මහතා, ඩී.එම්.යූ.ජී. පුංචිබණ්ඩා මහතා, නිමල් හෝප් මහතා, හරිස්චන්ද්‍ර රත්නායක මහතා, අජිත් සමන්ත මහතා යන මහත්වරුන් මහාසාමාජිකත්වයට හදුන්වා දෙන ලදී.
මෙදින සංගමයේ අඛණ්ඩ වසර පනහකට වඩා වැඩි කාලයක් සාමාජිකත්වය දරණ ලද, සංගමයේ ආරම්භක සාමාජිකයින් දොළොස්දෙනා අතරින් එක් අයෙකු වන එච්.ඒ. ශාන්ත සෙනෙවිරත්න මහතාට හිටපු ගරු සභාපති යසස් චන්ද්‍රසේකර මහතා විසින් සංගමයේ ස්වර්ණ යාවජීව සාමාජිකත්වය පිරිනමන ලදී.



































0 Comments