අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 52 වෙනි අභිමානවත් සංවත්සර උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි මස 08 වෙනි දින මහනුවර ද ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.
මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, සම්පත් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මැතිණිය, AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරිණී චතුරි මුණවීර මැතිණිය, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිළමේතුමන් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මැතිතුමා, මහනුවර නාගරික කොමසාරිස්තුමිය ඉන්දිකා කුමාරි අබේසිංහ මැතිණිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.


































0 Comments