සිරි දළදා වන්දනාව සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කෑම පාර්සල්
10,000ක් සකස් කිරීම සදහා අවශ්‍ය සියලු ද්‍රව්‍යමය ආධාර සංගමයේ ගරු සභාපතිතුමන්, ගරු භාණ්ඩාගාරිකතුමන්, ගරු සංවිධායකතුමන් ඇතුළු මේ සදහා දායකත්වය දැක්වූ අධ්‍යක්ෂ මහත්වරුන් කිහිප දෙනෙකු විසින් ඊයේ දින මහනුවර දිසාපතිතුමා, නාගරික කොමසාරිස්තුමිය සහ ප්‍රාදේශීය ලේකම්තුමන් වෙත සංකේතාත්මකව පිරිනමන ලදී.

සංගමයේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ ව්‍යවසායක කමිටුව, තරුණ ව්‍යවසායක කමිටුව සහ සංගමයේ සාමාජික මහත්වරුන්ගේ වටිනා අනුග්‍රාහකත්වයෙන් සකස් කරන ලද ආහාර පාර්සල් 10,000 අද (22) දින උදෑසන 7.00ට අම්පිටිය රතුබෝක්කුව මංසන්ධිය අසලදී බෙදා දීම සිදු කරන ලදී. රතුබෝක්කුව මංසන්ධිය අසල සිට අම්පිටිය දිවුරුම් බෝධිය දක්වාත්, රතුබෝක්කුව මංසන්ධිය අසල සිට වැව රවුම අවන්හල දක්වාත්, නගරසභා හංදියේ සිට කටුගස්තොට පාර දෙසටත්, කෑම පාර්සල් ලබා දීම සිදු කරන ලදී.

මෙම උතුම් පුණ්‍යකර්මයට සංගමයේ ගරු සභාපතිතුමා ඇතුලු අධ්‍යක්ෂ මහත්වරුද, ජ්‍යේෂ්ඨ සහ තරුණ අනුකමිටු මහත්ම මහත්මීන්ද, සම්බන්ධ වෙමින් ඉතාමත් සාර්ථකව මෙම කර්තව්‍ය සිදු කරන ලදී.

Categories: News & Events

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *