අප සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ රෝහල් අරමුදලෙන් සහ විධායක අධ්යක්ෂ මණ්ඩලයේ මහත්වරුන්ගේ දායකත්වයෙන්
මහනුවර මහරෝහලේ වකුගඩු රෝගී අංශයේ රුධිර කාන්දු කරන ඒකකයේ අක්‍රීයව පැවති වායු සමීකරණ යන්ත්‍ර වෙනුවෙන් නව වායු සමීකරණ යන්ත්‍ර තුනක් ඊයේ දින (24) පරිත්‍යාග කරන ලදී.
ඒ වෙනුවෙන් මහනුවර මහරෝහල් අධ්‍යක්ෂතුමිය ප්රමුඛ වකුගඩු ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරුන් සහ හෙද නිළධාරී මහත්ම මහත්මීන් වායු සමීකරණ යන්ත්‍ර නිළ වශයෙන් භාරගැනීම වෙනුවෙන් කෙටි උත්සවක් සංවිධානය කර තිබූ අතර, මේ සදහා සංගමයේ ගරු සභාපතිතුමන් ඇතුළු විධායක අධ්යක්ෂ මහත්වරුන් සහභාගී විය.