සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ 50 වන ස්වර්ණාභිමාන සංවත්සර රාත්රිය පසුගියදා උත්කර්ෂවත් අයුරින් මහනුවර ද ග්රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී* පැවැත්වුණි.
සම්භාවනීය ආරාධිතයින් සහ සාමාජික මහත්වරුන් සහ මැතිණියන් ද ඇතුළුව විශාල පිරිසක් සහභාගී වූහ.
විසිවසරක සාමාජිකත්වය හිමිකර ගනිමින් සංගමයට දැක්වූ දායකත්වය අගය කරමින් ඔවුන් වෙනුවෙන් තිළිණ ප්රදානය කරන ලද අතර සංගමය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකරන ලද ප්රධාන නිළධාරීන් පිරිසක් ද ඇගැයීම් කර තිළිණ ප්රදානය කරන ලදී.
Categories: News & Events